Home Hit එගොඩඋයනදී පවුලකට මරු කැඳවූ අනතුර සිදුකළ යතුරුපැදියේ CCTV දර්ශන

එගොඩඋයනදී පවුලකට මරු කැඳවූ අනතුර සිදුකළ යතුරුපැදියේ CCTV දර්ශන

847

මොරටුව එගොඩඋයන පදික මාරුවක් මත සිදු වූ රිය අනතුරකින් දැරියන් දෙදෙනකු මියගිය අතර ගැබිනි මවක් බරපතළ තුවාල සහිතව රෝහල් ගත කෙරිණි.

කෙසේ වෙතත් ඇයගේ දරු ගැබද අනතුරින් සිදුවූ තුවාල හේතුවෙන් විනාශ වී ඇතැයි කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
                                                  
එම අනතුර සිදුවූයේ ඊයේ රාත්‍රී 9.40ට පමණ මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ ගාලු පාරේ පදික මාරුවක් මතදීය.
           
ගැබිනි මව අවුරුද්දක් වයසැති දැරිය වඩාගෙන අනිත් දැරිය අතින් අල්ලාගෙන පදික මාරුවෙන් පාර මාරුවීමේදී පානදුර සිට පැත්තේ මොරටුව දෙසට අධික වේගයෙන් පැමිණි යතුරුපැදියක ඔවුන් ගැටී තිබුණි.

යතුරුපැදියේ ගැටුණු ගැබිනි මව පදික මාරුව අසල ම ඇදවැටී තිබේ.

අවුරුද්දක් වයසැති දැරිය මීටර් 10 ක් සහ අවුරුදු 7ක් වයසැති දැරිය මීටර් 20 ක් පමණ විසිවී ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.

අනතුර සිදුවීමට මොහොතකට පෙර යතුරුපැදිය අධික වේගයෙන් ධාවනය වන අයුරු වෙළෙඳසැළක සවිකර තිබූ  CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණි.

තුවාලකරුවන් පානදුර මූලික රෝහලට ඇතුළත් කෙරුණු අතර දැරියන් දෙදෙනා ඒ වනවිටත් මියගොස් සිටි බවවාර්තා වේ.

බරපතළ තුවාල ලබා සිටි මව කොළඹ ජාතික රෝහලට මාරු කෙරුණු නමුත් සිව්මස් ගැබිනියක් වූ ඇයගේ කළලය ද අනතුරින් විනාශ වී ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය.

යතුරුපැදිය ධාවනය කළ 20 හැවිරිදි සැකකරු පසුව එගොඩඋයන පොලීසිය විසින් අත්අඩංගුවට ගැනුණි.

යතුරුපැදිකරු මීට සති දෙකකට පෙරත් මාර්ගයේ අධික වේගයෙන් යතුරුපැදි ධාවනයේ යෙදී සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පසුව රුපියල් 15,000 ක දඩ මුදලක් නියම කෙරුණු අයෙකි.

මාර්ගයේ අධික වේගයෙන් යතුරුපැදි ධාවනයේ යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමේ ඇතුළත් කර තිබේ.

සැකකරු මොරටුව ‍මහේස්ත්‍රාත් අධිකරණයට අද දහවල් ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here