Home Hit ෂැම්පෝ, ජෙල් තහනම නවත්වා ගන්න මිලියන 25ක මුදලක් දෙන්න හදයි

ෂැම්පෝ, ජෙල් තහනම නවත්වා ගන්න මිලියන 25ක මුදලක් දෙන්න හදයි

745

ෂැම්පෝ, ජේල් අඩංගු ෂැෂේ පැකට් තහනම සඳහා මාස හයක සහන කාලයක් ලබා දෙන්නේ නම් රුපියල් මිලියන 25ක් හෝ ඊට වැඩි මුදලක් ලබාදීමට සූදානම් බවට එක්තරා පෞද්ගලික සමාගමක් පරිසර ඇමැතිවරයාට දැනුම් දී ඇතැයි අනාවරණය වේ.

ෂැම්පෝ, ජෙල් සහ හිසේ ගල්වන ඩයි ආදිය අඩංගු ෂැෂේ ඇසුරුම් නිෂ්පාදනය, අලෙවිය ලබන වසරේ (2021) ජනවාරි පළමුවැනිදා සිට තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය කටයුතු යොදා ඇත. මෙම තහනමට පෙර සහන කාලයක් ලබාදෙන ලෙස බොහෝ පෞද්ගලික සමාගම් පරිසර ඇමැති මහින්ද අමරවීරගෙන් ඉල්ලීම් කළේය.

ඇමැතිවරයාගේ භාවිතයට හෝ අමාත්‍යාංශයේ කටයුත්තකට ගැනීමට රුපියල් මිලියන 25ක් හෝ ඊට වැඩි මුදලක් ලබාදෙන බව අදාළ සමාගමේ නියෝජිතයින් පවසා තිබේ.

මෙහි දී පරිසර ඇමැති මහින්ද අමරවීර පවසා ඇත්තේ රුපියල් බිලියන 25ක් දුන්නත්, රජය ගත් තීරණයේ වෙනසක් සිදු නොකරන බවය.

ෂැෂේ පැකට් භාවිතය තහනම් කිරීමට තීරණය කළේ ෂැම්පු, ජෙල් භාවිතය නතර කිරීමට නොව, ඒවා බහාලන ෂැෂේ ඇසුරුම් නිසා පරිසරයට සිදුවන හානිය නතර කිරීමට බවද පරිසර ඇමැතිවරයා පවසයි.

ලබන වසර (2021) මැදදී ඖෂධ, ආහාර ද්‍රව්‍ය, කිරිපිටි ඇසුරුම් කරන ෂැෂේ පැකට් තහනම් කිරීමටද පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත.

සාලිය කුමාර ගුණසේකර
(අරුණ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here