තරුණ ව්‍යවසායකයන් දහසක් බිහි කරමින් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයත් වෙළෙඳ අමාත්‍යාංශයත් ඒකාබද්ධව ක්‍රියාත්මක කරන Q-shop දාම වෙළෙඳසැල් ජාලය ඉදි කිරීමේ මීළඟ පියවරයන් පිළිබඳ සාකච්ඡාවක් අද (05) දින වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් වෙළෙඳ අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙහිදී මෙම ව්‍යාපෘතිය මහජනතාව අතරට වඩාත් සමීප කරවීමටත් රජයේ ප්‍රතිපත්තිය වශයෙන් දේශීය නිෂ්පාදකයන් දිරි ගැන්වීමත් සිදු කළ යුතු ආකාරය සාකච්ඡා කරන ලදී.
එමෙන්ම ව්‍යවසායකයින් පුහුණු කිරීමේ සිට තම ව්‍යාපාරය තුළින් නිරවද්‍ය ආදායම හා ලාභ උපයාගැනීමට ඔවුන් දැනුවත් කිරීමේ වැදගත්කම හා ඒ සඳහා ගත යුතු පියවර පිළිබඳවත් සාකච්ඡා කරන ලදී.
මෙම අවස්ථාව සඳහා වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් භද්‍රාණි ජයවර්ධන මහත්මිය, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශ ලේකම් අනුරාධ විජේකෝන් මහතා සහ එම අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් ද, රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවෙහි සභාපතිතුමා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.