Home Hit කටුනායක පිටවීමේ පර්යන්තයේ මහජන ආලින්දය අද සිට විවෘත කෙරේ

කටුනායක පිටවීමේ පර්යන්තයේ මහජන ආලින්දය අද සිට විවෘත කෙරේ

333

කටුනායක ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේ මහජන ආලින්දය අද පෙරවරු 9.00 නැවත විවෘත කෙරෙනවා.

එහිදී එක් මගියෙකුට ආලින්දය වෙත රැගෙන ආ හැක්කේ එක් අමුත්තෙකු පමණයි.

පැමිණෙන අමුත්තන් සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි පිළිපැදිය යුතු බවද ගුවන්තොටුපල පාලනාධිකාරිය ප්‍රකාශ කළා.

මේ අතර, දිවයිනට පැමිණීමෙන් පසු නිරෝධායන ක්‍රියාවලියට යොමුකළ ගුවන් මගීන්ට එම කටයුතු අවසන් වී මාසයක් තුළ පැමිණීමේ පර්යන්තයේ පිහිටි තීරු බදු රහිත වෙලඳසැල් වලින් භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව හිමිවනවා.

ඒ සදහා 0112263017 දුරකථන අංකය ඔස්සේ අමතා වැඩිදුර විස්තර ලබා ගෙන , ලියාපදිංචි වීම සිදු කර ගත යුතු බව ද ගුවන් තොටුපළ දන්වා සිටී

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here