Home Hit ‘ඔව් මම මැට්ටා, මැට්ටා කරපු වැඩ ටික මදිද? – ප්‍රසන්න රණවීර

‘ඔව් මම මැට්ටා, මැට්ටා කරපු වැඩ ටික මදිද? – ප්‍රසන්න රණවීර

469

තමන් අමාත්‍යාංශය භාර ගන්න විට තමන්ව මැටි ඇමති ලෙස හැඳින්වූ බවත් මේ වන විට අමාත්‍යාංශය මඟින් කල සේවයත් පිළිබඳව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය

“අපි දැක්කා පිත්තල එක්ස්පෝට් කරනකොට බලද්දි පිත්තල විතරක් වැඩි වෙලා තියෙනවා ඒවා නිමි ද්‍රවය විදිහට නෙමෙයි ගියේ අමුද්‍රව්‍ය විදියට ඒවා ඉන්දියාවට පැටෙව්වා ඒ තුල අපේ පිත්තල කර්මාන්ත කරුවන්ට අවශ්‍ය කරන පිත්තල ටික නැති උනා ඒ නිශ්පාදනය කරන භාන්ඩ නිශ්පාදනය කරන්න හැකියාවක් නැති උනා මන් හිතන්නෙ මගේ ප්‍රදේශයේ විශාල ලෙස පිත්තල කර්මාන්තය,මන් හිතන්නේ කැලණියේ අපේ ෆොන්සේකා ඇමතිතුමත් ඉන්නවා විශාල පිරිසක් ඒ ක්ෂේත්‍රයේ කිරිබත්ගොඩ ආශ්‍රිතව ඉන්නවා.

මන් හිතන්නෙ අපිට හැකියාව ලැබෙනවා අපිට රටට අවශ්‍ය කරන ඒ සරනේරු දොර ජනෙල් ටික ඒවට අවශ්‍ය කරන උපකරන ටික අපේ මේ රටේ ඒ ප්‍රමිතියට අනුව නිශ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා. අපේ වනජීවි දෙපාර්තුමේන්තුව අලි වැටවල් වලට ගන්න හෝල්ඩර් ගෙන්නන්නෙ නවසීලන්තෙන්. අපි හෝල්ඩරේ නිශ්පාදනය කරන්නෙ මැට්ටෙන් .අපි ITI යවලා ප්‍රමිතිය කොලිටිය චෙක් කරලා බැලුවා ඒ ගුනාත්මක භාවයම තියෙනවා.

විදුලිබල ඇමති තුමත් එක්ක සාකච්ඡා කලා. විදුලිබල ඇමතිතුමා අපිට විදුලි රැහැන් අදිද්දි ඕන වෙනවා කප්,ඒ ටිකත් අපිට ලබා දෙන්නම් කිව්වා.

ඒ වගේම මම රාජ්‍ය ආයතන එක්ක විතරක් නෙමෙයි මාස් හෝල්ඩින් ආයතනයත් එක්කත් කතා කරලා වාර්ශිකව අවශ්‍ය කරන 36000 ක් ඔවුන්ට අවශ්‍ය ගුරුලේත්තු ලබා දෙන්න කටයුතු කලා. මට මේ අමාත්‍යාංශය ගන්නකොට අපිට කිව්වෙ මැටි ඇමති කියලා.

මන් කියනවා ‘මැට්ටා කරපු වැඩ ටික මදිද කියලා තමයි අහන්න වෙන්නෙ ‘ ‘ඔව් මම මැට්ටා’. ලෙස රාජ්‍ය අමාත්‍යවරයා අදහස් දැක්වීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here