Home Hit ‘රජයේ වෘත්තීය සමිති ඉන්න ඕන රජයත් එක්ක – විපක්ෂයේ වැඩ කරන්න...

‘රජයේ වෘත්තීය සමිති ඉන්න ඕන රජයත් එක්ක – විපක්ෂයේ වැඩ කරන්න ගියොත් කරන දේ දන්නවා’

437

රජයේ වෘත්තීය සමිති රජයත් සමඟ සිටිය යුතු බවත් රජයේ වෘත්තීය සමිති විපක්ෂයේ කාර්ය භාරය ඉටුකරන්න ගතහොත් එය මෙල්ල කරන හැටිද තමන් දන්නා බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසයි.

2015 වසරට පෙර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පුහුණු අභ්‍යාසලාභින් ලෙස කටයුතු කල 130 ක පමණ කණ්ඩායමක් කිසිඳු හේතුවකින් තොරව දේශපාලන පළිගැනීම් සිදු කරමින් පහුගිය යහපාලන ආණ්ඩුව විසින් ඉවත් කර තිබූ අතර අසාධාරණයට ලක් වූ එම කණ්ඩායම වෙත නැවත වරාය අධිකාරියේ රැකියා අවස්ථාව ලබා දීම වෙනුවෙන් අදාල පත්වීම් ලිපි ප්‍රදානයට එක්වෙමින් ඊයේ ඒ මහතා මේ අදහස් දැක්වීය.

රැකියාවක් ලබාදී මැතිවරණයේදී ඒ වෙනුවෙන් වැඩකර ගන්නේ ඉතාම සුළු පිරිසක් බවත් වරායේ කල්ලි වාදය දරුණුවටම ඇති බවත් වරායට පැමිණෙන හාමුදුරු නමක් වුවත් නරක් වන්නට හැකි බව තමන් වෘත්තීය සමිති සමඟ පවසා ඇති බව අමාත්‍යවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here