Home Hit මියගොස් වසර 4ක් ගියත් අමරදේව ශුරීන්ගේ භෂ්මාවශේෂ තවමත් මල් ශාලාවේ

මියගොස් වසර 4ක් ගියත් අමරදේව ශුරීන්ගේ භෂ්මාවශේෂ තවමත් මල් ශාලාවේ

458
0

මීට වසර 04කට පෙර අභාවප්‍රාප්ත වූ ඩබ්ලිව්.ඩි. අමරදේව ශුරීන්ගේ භෂ්මාවශේෂ තවමත් ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.

පණ්ඩිත් ඩබ්ලිව්.ඩි. අමරදේව ශුරීන් මියගිය අවස්ථාවේ අපේගම පරිශ්‍රයේ අමරදේව අසපුවක් ඉදිකිරීමට යෝජනා වූ බවත් එය එවකට ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු බවත් ඒ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ලොව පතල කලාකරුවකු වන පණ්ඩිත් ඩබ්ලිව්.ඩි. අමරදේව ශුරීන්ගේ භෂ්මාවශේෂ අසපුවක් ඉදිකර එහි තැම්පත් කරන බවට පැවසීමෙන් වන ගෞරවයට වඩා තවමත් මල් ශාලවක තැන්පත් කර තැබීමෙන් එතුමන්ට අගෞරවයක් බැවින් ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන මෙන් විජිත හේරත් මහතා ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here