Home Hit පාස්කු ප්‍රහාරය නිසා පාර්ලිමේන්තුව උණුසුම් – ඇමති සරත් සඳුදා නීතිපති...

පාස්කු ප්‍රහාරය නිසා පාර්ලිමේන්තුව උණුසුම් – ඇමති සරත් සඳුදා නීතිපති හමුවෙයි

362

පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අද වාද විවාද මතුව තිබෙනවා.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පෙන්වා දුන්නේ පාස්කු ප්‍රහාරයේ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි යැයි අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද මේ වනවිට ප්‍රකාශ කර ඇති බවයි.

අනතුරුව පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් රැසක් මෙහිදී දීර්ඝව අදහස් දක්වා සිටියා

ඉකුත්දා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරුදින ප්‍රහාරයේ පරීක්ෂණ සම්බන්ධයෙන් දැක්වූ අදහස් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර වාද විවාද මතුව තිබෙනවා.

පරීක්ෂණ කඩිනම් සම්බන්ධයෙන් අනිද්දා දිනයේ නීතිපති හමුවී සාකච්ඡා සිදුකරන බව අමාත්‍ය සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරයට අදාළව මේ වනවිට සැකකරුවන් 271ක් අත්අඩංගුවට ගෙන 86ක් රඳවාගෙන ප්‍රශ්න කරන බවයි.

මෙම සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තමන් ලබන සඳුදා දිනයේදී නීතිපතිවරයා මුණ ගැසීමට නියමිත බවයි සරත් වීරසේකර මහතා කියා සිටියා.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ මඟින් සොයාගන්නා ලද තොරතුරු දන්නා පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලබන්නේ කෙදිනකද යන්න මෙහිදී විමසා සිටි අතර එම තොරතුරු දැනුම් දීමට ඉදිරියේදී ක්‍රියාකරන බවත් පාර්ලිමේන්තුව තුලද එයට සම්බන්ධ අය සිටිය හැකි බවත් මෙහිදී අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය.

ආණ්ඩු පක්ෂය කාදිනල් හිමිපාණන්ට පැවසූ තොරතුරු සම්බන්ධයෙන් උන්වහන්සේ සෑහීමකට පත්නොවන බව පවසා තිබියදී මෙම පරීක්ෂණ සාර්ථකව ඉදිරියට යන බවට සඳහන් කල නොහැකි බව විපක්ෂ මන්ත්‍රීවරුන් දිගින් දිගටම මෙහිදී පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here