Home Coronavirus 2020 කොරෝනාවට ලංකාවේ පළමු වතාවට වෛද්‍යවරයකු බිලිවෙයි

කොරෝනාවට ලංකාවේ පළමු වතාවට වෛද්‍යවරයකු බිලිවෙයි

2364

කොරෝනා රෝගය වැළදීමෙන් අනතුරුව IDH රෝහලේදී 69 හැවිරිදි වෛද්‍යවරයකු මිය ගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වෛද්‍ය පණ්ඩිතන් මහතා බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම වෛද්‍යවරයා මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර කොරෝනා රෝගය වැළදීමෙන් පසු IDH රෝහලට ඇතුළත් කර ඇති බව මවුරට පුවත්පත වාර්තා කරනවා.

දීර්ඝ කාලයක් රජයේ සේවයේ නියැලීමෙන් පසු පණ්ඩිතන් මහතා කොම්පඤ්ඤවීදිය සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවල පෞද්ගලික වෛද්‍ය රාජකාරියේ නිරතව සිට ඇත.

කොරෝනා රෝගය වැළදී මියගිය ලංකාවේ පළමු වෛද්‍යවරයා‌ ලෙසද පණ්ඩිතන් මහතා සැලකේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here