යුද්ධය ගැන කිසිවක් නොදන්නා යුද හමුදාවේ කෝප්රල් කෙනෙකුගේවත් දැනුමක් නැති චතුර අල්විස් වැනි මාධ්‍යවේදියකු තමන්ට යුද්ධය කිරීම පිළිබඳව ඉගැන්වීමට යාම විහිළුවක් බව හිටපු යුධ හමුදාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.
ඒ මහතා මේ අදහස් දැක්වුයේ ඉකුත් 3දා පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින්ය.
රණවිරු සැමරුම දා පුද්ගලික හේතුවක් මත තමන්ට එම උත්සවයට යාමට නොහැකි වූ බවත්, එදිනම හිටපු හමුදාපතිවරු සමඟ වර්තමාන යුධ හමුදාපති සහ ආරක්ෂක ලේකම් වරයා සමඟ පැවති මාධ්‍ය වැඩසටහනකදී තමන් සහ වත්මන් යුධ හමුදාපතිවරයා අතර ගැටළු ඇති වන ආකාරයෙන් ප්‍රශ්න කිරීම් සිදුකල බවට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසීය.