Home Coronavirus 2020 ඊයේ Covid-19 ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

ඊයේ Covid-19 ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ

584

ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ Covid-19 ආසාදිතයින් 521 දෙනා අතුරින් 342 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් බව Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව ඔක්තෝබර් 04 වනදා සිට මේ දක්වා කොළඹින් හමුවී ඇති මුලු ආසාදිතයන් ගණන 10,884 දක්වා ඉහළ යනු ඇති.

ග්‍රෑන්ඞ්පාස් ප්‍රදේශයෙන් ආසාදිතයන් 82 ක්ද වැලිකඩින් ආසාදිතයන් 73 ක්ද දෙමටගොඩින් 59 ක්ද ඊයේ සටහන්වී තිබුණා.

ඊයේ දිනයේදී මහනුවරින් ආසාදිතයන් 91ක්ද, කලුතරින් 44 ක්ද, අම්පාරෙන් 17 ක්ද, ගම්පහින් 11 ක්ද ලෙස ආසාදිතයන් හමුවූ බවයි Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කලේ.

පුත්තලමෙන් 04 ක්ද, මාතරින් 03 දෙනෙකුද, නුවරඑළියෙන් දෙදෙනෙකුද, රත්නපුරයෙන් දෙදෙනෙකුද සහ ගාල්ලෙන් එක් අයෙකුද ලෙස ඊයේ සටහන්වූ ආසාදිතයන් අතරට අයත්.

අනෙක් 04 දෙනා විදේශයන් හි සිට පැමිණි අයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here