Home Hit අවුරුදු 07ක සහ අවුරුද්දක දැරියන් දෙදෙනෙකු රිය අනතුරකින් මරුට – ගැබිණි...

අවුරුදු 07ක සහ අවුරුද්දක දැරියන් දෙදෙනෙකු රිය අනතුරකින් මරුට – ගැබිණි කාන්තාවක වන මවට බරපතල තුවාල

247

මොරටුව එගොඩඋයන නව ගාලු පාරේ සිදුවූ රිය අනතුරකින් අවුරුදු 07 ක් සහ අවුරුද්දක් වයසැති එකම පවුලේ දැරියන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

ඊයේ රාත්‍රී 10ට පමණ සිදුවූ මෙම අනතුරින් ගැබිණි කාන්තාවක වන ඔවුන්ගේ මවද බරපතල තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

එගොඩඋයන නව ගාලු පාරේ ජෝසෆ් පෙදෙස පදික මාරුවේදී පානදුර දෙස සිට මොරටුව දෙසට ධාවනය වූ යතුරු පැදියක මොවුන් ගැටී තිබුණා.

බරපතල තුවාල ලැබූ මව සහ දියණියන් දෙදෙනා පානදුරට රෝහළට ඇතුළත් කිරීමේදීයි දැරියන් දෙදෙනා මියගොස් තිබුණේ.

ගැබිණි කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මියගිය දැරියන් දෙදෙනා මොරටුව කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.

අනතුර සම්බන්ධයෙන් යතුරු පැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එගොඩඋයන පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here