Home Environment ජල ගැලුම් නිම්නය හරහා පාර ගැන තීන්දුවක් නැත්නම් සඳුදා සිට වර්ජනයේ –...

ජල ගැලුම් නිම්නය හරහා පාර ගැන තීන්දුවක් නැත්නම් සඳුදා සිට වර්ජනයේ – වනජීවී වෘත්තීය සමිති

253
0

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට දැඩි පාරිසරික හානියක් සිදු කරමින් මාර්ගයක් ඉදිකිරීම වහා නතර කිරීම සම්බන්ධව වනජීවී ඇමැතිවරයා ඇතුළු බලධාරීන් මෙමස 06 වැනිදාට පෙර තීන්දුවක් නොගතහොත් ලබන සඳුදා (07 වැනිදා) සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගන්නා බව වනජීවී වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති.

ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය ඇතුළු පරිසර පද්ධතිවලට සිදුවී තිබෙන පරිසර හානි අවම කිරීමට වහා පියවර ගන්නා ලෙස වනජීවී හා වන සංරක්ෂණ ඇමැතිවරයාට,අමාත්‍යාංශ ලේකම්වරයාට සහ වනජීවී බලධාරීන්ට දන්වා ඇතත්,මේ වනතුරු ඒ සම්බන්ධව සාකච්ඡාවක් හෝ පිළිතුරක් ලැබී නොමැති බව ඒකාබද්ධ වනජීවි නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක පැවසූ බව අරුණ පුවත්පත වාර්තා කරනවා

පරිසර සම්පත් ආරක්ෂා කිරීම සඳහා ලබන ඳුදා (07 වැනිදා) වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවත්,ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හරහා මාර්ගයක් ඉදි කිරීම නිසා අලින්ගේ ගමනාගමනයට බාධා ඇතිවන බවද සභාපතිවරයා කීවේය.

ලබන සඳුදා ගන්නා වෘත්තීය ක්‍රියාමාර්ගයට කේෂත්‍ර නිලධාරීන්ද සම්බන්ධ වන බව වනජීවි නියාමක නිලධාරීන්ගේ සංගමය පවසයි.

ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේදී රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක වනජීවී නිලධාරීන්ට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් ඉකුත් නොවැම්බර් 27 වැනිදා අසනීප නිවාඩු දමා සිය විරෝධය දැක්වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here