Home Hit සත්ව ඝාතනය පාලනය සඳහා දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනයට පියවර

සත්ව ඝාතනය පාලනය සඳහා දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනයට පියවර

338

අසාධාරණ ලෙස සිදුවන සත්ව ඝාතනය නැවැත්වීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය කඩිනමින් සංශෝධනයට පියවර ගන්නා බව වනජීවී හා වන සං‍රක්ෂණ අමාත්‍ය සී.බී රත්නායක මහතා ඊයේ (03) ප්‍රකාශ කර සිටියා.

ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත වීරසිංහ වනජීවී හා වන සං‍රක්ෂණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

වර්තමානයේ දී සත්ව ඝාතනය පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් ඇති බවත්, සත්ව ඝාතකයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත වීරසිංහ විසින් කාරක සභාවේ දී අවධාරණය කර සිටියා.

ව්‍යවස්ථාදායක කාර්‍ය පාර්ලිමේන්තුවට පැවරී ඇති බැවින් , සත්ව ඝාතනය පාලනය සඳහා දණ්ඩ නීති සංහ්‍රහය සංශෝධනය කිරීම කඩිනමින් සිදු කල හැකි බව ද අමාත්‍ය සී.බී රත්නායක මෙහි දී පෙන්වා දෙනු ලැබුවා.

හීලෑ අලි ඇතුන් නියාමනයට කඩිනම් වැඩපිළිවෙලක් අවශ්‍ය බව ද වනජීවී හා වන සං‍රක්ෂණ කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී සාකච්ජා වූ අතර, ඒ සඳහා අදාළ අණ පනත් සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කෙරුණා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here