Home Hit “නීතිඥකම ගොන්කමට පාවිච්චි කරන්න එපා” – විජිත හේරත් දොලවත්තට කියයි

“නීතිඥකම ගොන්කමට පාවිච්චි කරන්න එපා” – විජිත හේරත් දොලවත්තට කියයි

957

විරුද්ධ මත දරමින් රජයට විරුද්ධ යම් ප්‍රකාශ නිකුත් කරන අය හඹාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එමින් සිතන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.

පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ අදහස් දැක්වීය.

විජිත හේරත් මහතා මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් නිකුත්කළ වීඩියෝ පට සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිටියදී ඒ සම්බන්ධයෙන් නඩුවක් පවතින බැවින් මේ වන විට දඬුවම් ලබාදීමක් සිදුකර නොමැති හෙයින් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සාකච්ඡා නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත කියා සිටියේය.

එයට පිළිතුරු දෙමින් විජිත හේරත් මහතා කියා සිටියේ තමන් පැවසූ දේ තේරුම් නොගත් “නොදන්නා නීතිඥ තුමා කියපු වචන හොදට තේරුම් ගන්න. මෝඩ ගොන් හරකෙක් වගේ කතා කරන්න එපා, නීතිඥකම ගොන්කමට පාවිච්චි කරන්න ලෑස්ති වෙන්න එපා” යනුවෙනුයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here