රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් පෑලියගොඩ C City වෙළඳ සංකීර්ණ වැඩබිම නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය උපදෙස් කාර්ය මණ්ඩල ප්‍රධානි යෝෂිත රාජපක්ෂ පැමිණ තිබේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය අවසන් අදියරට ක්‍රියාත්මක ව තිබියදී යහපාලන ආණ්ඩුව විසින් නවතා දමා තිබූ අතර නිසි ප්‍රයෝජනයට නොගෙන මෙලෙස අතහැර දමා වල් බිහි වීමට ඉඩ හැර තිබෙන C City වෙළඳ සංකීර්ණය කඩිනමින් ජනතා අයිතියට පත් කිරීමේ කටයුතු මෙහෙයවීම සිය අභිප්‍රාය බව ඒ මහතා සඳහන් කරයි
රාජ්‍ය මුදල් යොදා ඉටුකළ මෙවැනි සංවර්ධන ව්‍යාපෘති දේශපාලනික හේතුමත ජනතාවට අහිමි කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව පවසන ඒ මහතා ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා සමග මෙම නිරීක්ෂණ චාරිකාවට එක් වෙමින් ඒ සදහා අදාළ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දුන් බව පවසයි.
අගමැති ය උපදෙස් මත කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන් මෙවැනි දෑ නිසි ලෙස නිවැරදි කිරීමට ලැබීම සතුටට කරුණක් බව සටහනක් තබමින් ඒ මහතා පවසයි


