මැරවානා, කැනබීස්, කංසා ආදී විවිධ නම්වලින් හඳුන්වන මත්ද්‍රව්‍යය දැඩි පාලනයක් සහිත මත්ද්‍රව්‍ය කාණ්ඩයෙන් ඉවත් කිරීමට ජගත් සංවිධානයේ ඖෂධ නියෝජිතායතනය තීරණය කර තිබෙනවා.
වියානා නුවර පැවති එහි වාර්ෂික සම්මේලනයේදී සාමාජික රටවල් අතර පැවති ඡන්දයෙන් 27 ට 25 ක් ලෙස ඊට අනුමැතිය හිමිවුණා.
Here’s how the 53 member states in the Commission on Narcotic Drugs voted on the WHO recommendation to remove cannabis from Schedule IV of the 1961 single convention – finally acknowledging its medicinal and therapeutic utility
— TransformDrugPolicy (@TransformDrugs) December 2, 2020
HT @jfernandezochoa @IDPCAsia pic.twitter.com/26lTMSpFdX
ඡන්දය පැවැත්වුණේ පර්යේෂණ සහ වෛද්‍ය භාවිතයට ගංජා පුළුල් වශයෙන් යොදා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය කළ ඉල්ලීමකට අනුවයි.
#EU supports successful vote at @CND_tweets to recognise potential therapeutic value of #cannabis
— EU Delegation Vienna 🇪🇺 (@euunvie) December 2, 2020
Read here the full Explanation of #CND vote on @WHO scheduling recommendations on cannabis and cannabis-related substances:
https://t.co/lNAG9WaM6M pic.twitter.com/VrdiHYCLCw
කංසා, පර්යේෂණ හා වෛද්‍ය භාවිතය උදෙසා සංවර්ධනය කිරීමට පවතින බාධාවන් ඉවත් කළ යුතු බවට පසුගිය වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශයක් ඉදිරිපත් කරනු ලැබුවා.
මෙහිදී රුසියාව, චීනය සහ පාකිස්ථානය වැනි රටවල් ඊට විරුද්ධව ඡන්දය පළ කළා
🇷🇺Russia voted against all @WHO/ECDD recommendations on cannabis and cannabis-related substances. Half of the CND membership shares the same position. pic.twitter.com/Ep8m1gfnxt
— Russian Mission Vienna (@mission_rf) December 2, 2020
හෙරොයින් ඇතුළු අනෙකුත් අනතුරුදායක මත්ද්‍රව්‍ය මෙන්, ගංජා වලින් කැපී පෙනෙන මරණීය අවදානමක් නොමැති බවත්, දැඩි වේදනාව හා අපස්මාරය වැනි රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා එය යොදා ගත හැකි බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හඳුනාගෙන තිබෙනවා.