ඔබට මෙමེ කෙටි චිත්‍රපටයේ ඔවුන්ගේ දෙබස් නිශ්චිතවම තේරුම් ගැනීමට නොහැකි විය හැක. නමුත් මිනිත්තු 2කට අඩු මෙම සම්මානලාභී කෙටි චිත්‍රපටය පුරා දක්නට ලැබෙන ඇති අභිනයන් සහ සාර්ථක අධ්‍යක්ෂණය මඟින් සුන්දර පණිවිඩයක් ගෙන ඒමට 20 හැවිරිදි ඉරාන සිනමාකරුවකු වන සයිඩ් මොහොමඩ් රේසා කෙරාඩ්මන්ඩ් විසින් සමත්ව ඇත.
බ්‍රහස්පතින්දා හමුව (Thursday Appointment) නමින් හැඳින්වෙන මෙම චිත්‍රපටය මෑතකදී අ ලක්සර් අප්‍රිකානු චිත්‍රපට උළෙලේදී සම්මානයක් දිනා ගැනීමට සමත් විය.
මෙම සාර්ථක කෙටි චිත්‍රපටයේ දැක්වෙන්නේ වයසක විවාහක යුවළක් සිය මෝටර් රථයේ ගමන් කරන අතර තුර හෆීස් නැමති මවියාගේ කාව්‍යය පද එකිනෙකාට කියවමින් සිටින ආකාරයයි. එහිදී මාර්ග සංඥාවන්හි රතු එළිය දැල්වුණු විට තම රථය අසල නතර කළ වාහනයේ යුවළක් ශබ්ද නගා බහින්බස් වන අයුරු ඔවුන්ට දිස්වේ. එම යුවලගේ තම කුඩා දියණිය ද පිටුපස අසුනේ දුක්බරව සිටියි. ඉන්පසු වැඩිහිටි යුවළ ඔවුන්ගේම අත්දැකීම් යොදාගෙන, විවාහය ගැන බොහෝ දේ පවසන අභිනයකින් යුක්තව දබර වන විවාහක යුවල අතර සමඟි කිරීමට සහ නැවත ඇති කිරීමට උපකාරී වන අයුරින් සිදු කරන දෙය ප්‍රේමය සහ අපගේ ආදරණීයන් සහ ජීවිතය පිළිබඳව විශාල කතාවක් පවසයි. එම කෙටි චිත්‍රපටය පහතින්.
Only cultured Iranians could have produced such a powerful video. Iranian short film (just over 1 min) that won an award at the Luxor Film Festival. The film maker is only 20 years old. pic.twitter.com/cWkspBjQUy
— Ammar Ali Qureshi (@AmmarAliQureshi) December 26, 2019