Home Hit ‘බුරවි’ නිසා බරපතල හානියක් නෑ – DMC

‘බුරවි’ නිසා බරපතල හානියක් නෑ – DMC

182
0

“බුරවි“ සුළි කුණාටුව ලංකාවට ඇතුළු වීමෙන් බරපතළ හානි සිදුවු බවට තවමත් වාර්තා වී නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරයි.

ගස් කඩාවැටීම් ආදි හානි බොහෝ තැන්වලින් වාර්තා වන බව දිස්ත්‍රික් කළමනාකරණ ඒකක වාර්තා කර ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

විශාල දේපල හානි වාර්තා නොවන බවත්, ගස් කඩා වැටීම් හා මාර්ග අවහිරතා පිළිබඳ වාර්තා වන බවත් කොඩිප්පිලි මහතා වැඩිදුරටත් පැවසීය.

කෙසේ නමුත් සුළි කුණාටුව සමග සුළඟේ වේගය පැ.කි.මී 70 – 80 පමණ වන අතර එය විටින් විට පැ.කි.මී 90ක් දක්වා වැඩි විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

ඊයේ (02) රාත්‍රී 10.30 – 11.30 ත් අතර සුළි කුණාටුව ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළ තීරයේ තිරියායි සහ කුච්චවේලී අතරින් ගොඩබිමට ඇතුළු විය.

මෙය ක්‍රමයෙන් බටහිරට බරව වයඹ දෙසට ගමන්කර මන්නාරම් බොක්ක වෙත අද උදය වරුවේ ගමනු කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම පද්ධතිය හේතුවෙන් පූනරින් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ, උදම් රළ මට්ටමට වඩා මීටරයක් පමණ ඉහළ යා හැකිය. එමෙන්ම වෙරළාසන්න පහත්බිම් මුහුදු ජලයෙන් යට විය හැකිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here