Home Hit UPDATE: රාගම රෝහලෙන් පැන්න රැඳවියා ඔරුගොඩවත්තේදී අල්ලයි

UPDATE: රාගම රෝහලෙන් පැන්න රැඳවියා ඔරුගොඩවත්තේදී අල්ලයි

289

මහර බන්ධනාගාර නොසන්සුන්තාවයෙන් තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පළාගිය රැඳවියා ඔරුගොඩවත්තේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බන්ධනාගාර බුද්ධි අංශය විසිනුයි එම රැඳවියා සිය භාරයට ගෙන තිබුණේ.

රාගම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ශෙල්ටන් පෙරේරා මහතාකියාසිටියේ ඊයේ රාත්‍රි 09 ට පමණ අදාළ රැඳවියා පළාගොස් තිබූ බවයි.

ඔහු PCR පරීක්ෂණයකටද ලක් කර තිබූ අතර එහි ප්‍රථිඵල වාර්තා අද ලැබීමට නියමිතයි.

පසුගිය ඉරිදා සිදුවු කළහකාරී තත්වයෙන් තුවාල ලැබූ මහර බන්ධනාගාර රැඳවියන් 14 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් සිටින බවද අධ්‍යක්ෂවරයා කියාසිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here