පසුගිය යහපාලන රජය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හරහා අධිකරණයට බලපෑම් සිදු කළේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහගේ අවශ්‍යතාවය මත බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඊයේ (02) පැවති ප්රවෘත්ති සාකාච්ඡාවකදී අමාත්‍යවරයා මේ අදහස් පලකළේ.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ දුමින්ද සිල්වා හා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා අතර ඇති වූ සිද්ධියෙන් පසු තමන් ඒ දෙදෙනාවම බැලීමට ගිය බවත් ඒ සිද්ධියට දුමින්ද සිල්වාගේ සම්බන්ධයක් නොමැති බවත්ය.