Home Hit ‘බුරවි’ දිවයිනෙන් ඉවතට – වැස්ස දිගටම

‘බුරවි’ දිවයිනෙන් ඉවතට – වැස්ස දිගටම

182
0

බුරවි සුළි කුණාටුව මේ වන විට මන්නාරමට ඉහළින් ශ්‍රී ලංකාවෙන් බැහැරට ගමන් කරමින් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට එය මන්නාරම සහ පුනරීන් අතර වෙරළට ආසන්නයෙන් පවතින බවයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.

මෙම බලපෑම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට තවදුරටත් මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකියි.

ඉදිරි පැය කිහිපයදී බුරවි සුළි කුණාටුව හරහා මෙරටට සිදුවන බලපෑම අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බවයි කාර්යයේ නියුතු කාළගුණ විද්‍යාඥ ප්‍රීතිකා ජයකොඩි මහත්මිය පවසනවා.

බුරවි සුළි කුණාටු තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකම තද වැසි ඇති වාර්තා වී ඇති බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍යය අධ්‍යක්ෂ ශිරෝමනී ජයවර්ධන මහත්මිය පැවසූවේ යාපනය ප්‍රදේශයට මිලි මීටර 245 කට ආසන්න වර්ෂාපතනයක් වාර්තා වී ඇති බවයි.

බුරවි සුළි කුණාටුවත් සමග ඇතිවූ අයහපතක් කාළගුණ තත්වය හමුවේ යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව් යන දිස්ත්‍රික්වල පීඩාවට පත් පුද්ගලයින් 4007 දෙනෙකු මේවනවිට ආරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බව ආපදා කළමණාකරණ රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

දිවයින පුරා නිවාස 15 කට පූර්ණ හානි සිදුව ඇති අතර තවත් නිවාස 170 කට අර්ධ හානිසිදුව ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here