ඊජිප්තු පිරමිඩයකදී සිරුර නිරාවරණය වන පරිදි අඳින ලද ඇඳුමකින් නිරූපිකාවකගේ සරාගී ඡායාරූප ගනු ලැබූ ඡායාරූප ශිල්පියෙකු අත්අඩංගුවට ගත් බව ඊජිප්තු ආරක්ෂක ආරංචි මාර්ග පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කයිරෝවෙන් පිටත වසර 4,700 ක් පැරණි ඩ්ජෝසර් පිරමීඩයේ දී (Pyramid of Djoser) නිරූපිකාවක් වන සල්මා අල්-ෂිමි සමඟ මෙම ඡායාරූප රූගත කිරීම සිදු කර තිබෙනවා.
පුරාවිද්‍යා කලාපයේ නර්තන ශිල්පිනියක වන සල්මා අල්-ෂිමි සමඟ පෞද්ගලික ඡායාරූප ගැනීමකින් අනතුරුව ඡායාරූප ශිල්පියෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයන් දහස් ගණනක් සිටින නිරූපිකාවක් වන සල්මා අල්-ෂිමි ඡායාරූප සමාජ මාධ්‍ය වෙත පළ කිරීමෙන් එය ඉතාමත් සීඝ්රයෙන් පැතිර ගොස් ඇති අතර ඉන්පසු මෙලෙස අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
ඡායාරූප ශිල්පියා සමඟ නිරූපිකාව වන සල්මා අල්-ෂිමි රඳවාගෙන සිටින බව ඊජිප්තු වාර්තා සඳහන් කරනවා.






