සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මාර්තු මාසයෙන් ඔබ්බට කල් නොදමන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.
කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු කියාසිටියේ එසේ වුවහොත් 2021 වසරේ ජූනි මාසය වනවිට උසස් පෙළ පංති ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවයි.