Home Hit “බුරවී” සුළි කුණාටුවට නම ආවේ කොහෙන්ද?

“බුරවී” සුළි කුණාටුවට නම ආවේ කොහෙන්ද?

525

අද (02) රාත්‍රී කාලය වන විට මෙරටට බලපානු ලබන සුළි කුණාටුව සඳහා තබා ඇති නාමය වන්නේ ” බුරවී” බව මෙරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ පස්වරුවේ නිවේදනය කර සිටියා. මෙම සුළි කුණාටුව සඳහා එම නම තබා ඇත්තේ මාලදිවයින විසින් බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඉන්දීය සාගරයේ බෙංගාල බොක්ක ආශ්‍රිත සුළි කුණාටු නාමකරණය වෙනුවෙන් මාලදිවයින විසින් ලබාදී ඇති එම “බුරවී” යනු මාලදිවයින විසින් “කඩොලාන” ශාක හැඳින්වීමට භාවිතා කරන නාමයයි.

Dhivehi යන භාෂාව කතා කරන මාලදිවයින් ජාතිකයින්ගේ බසින් මෙම සුළි කුණාටුව සඳහා නම් තබා ඇති බවයි ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here