Home Hit මහේන්ද්‍රන් ගැන නීතිපතිගෙන් කැඳ වූ වාර්තාව අද හෝ හෙට අධිකරණ ඇමතිට

මහේන්ද්‍රන් ගැන නීතිපතිගෙන් කැඳ වූ වාර්තාව අද හෝ හෙට අධිකරණ ඇමතිට

250

මහ බැංකු බැඳුම්කර සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් දිවයිනට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් නීතිපති දප්පුල ද ලිවේරා මහතාගෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා.

එය අද හෝ හෙට තමන්ට ලැබෙනු ඇති බවයි අද පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා සඳහන් කලේ.

අලි සබ්රි මහතා මේ බව කියාසිටියේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කල විමසීමකට ප්‍රතිචාර දක්වමිනුයි.

දැනට සිංගප්පූරුවේ සිටින බවට සැක කෙරෙන අර්ජුන් මහේන්ද්‍රන් සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු මෙලෙස ඉල්ලා ඇති බවයි අලි සබ්රි මහතා කියාසිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here