Home Hit “බුරවි” සුළි කුණාටුව, ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් ගොඩබිමට

“බුරවි” සුළි කුණාටුව, ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් ගොඩබිමට

499
0

“බුරවි” සුළි කුණාටුව ඉදිරි පැය 02 තුළ ත්‍රිකුණාමලය සහ පේදුරුතුඩුව අතරින් මුලතිව්වලට ආසන්න ගොඩබිමට ඇතුළුවනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සුළි කුණාටුව සමඟ සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 80- 90 පමණ වන අතර,  විටින්විට එම වේගය පැයට කිලෝ මීටර් 100 දක්වා වැඩිවිය හැකියි .

මෙම සුළිකුණාටුව ක්‍රමයෙන් මන්නාරම් බොක්ක වෙත හෙට (03) උදෑසන වන විට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වනවා.

මෙම තත්ත්වය යටතේ ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා සහ පූනරින් සිට පුත්තලම දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ, උදම් රළ මට්ටමට වඩා මීටර 1 ක් පමණ ඉහළ යා හැකි අතර, වෙරළාසන්න පහත් බිම් මුහුදු ජලයෙන් යට විය හැකි බව සඳහන්.

එමෙන්ම, දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව පැ.කි.මි. 100 පමණ ඉහළයාමට ඉඩ ඇති බැවින් එම මුහුදු ප්‍රදේශ විටින්විට රළු හෝ දළ රළු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

නැවත දැනුම්දෙන තුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙසත් දැනට මෙම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස හැකි ඉක්මනින් ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසත් දන්වා සිටිනවා.

වෙරළාසන්න තාවකාලීක පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථානවලට ගමන් කිරීම, බලපෑම් ඇති ප්‍රදේශවල අනෙකුත් පදිංචි ජනතාව නිවාස තුළට වී සිටීම , කඩාවැටෙන ගස්වලින් හා විදුලි රැහැන්වලින් ආරක්ෂාවීම, ගිගුරුම් සහිත වැසි පවත්නා අවස්ථාවල රැහැන් දුරකථන හා විදුලි උපකරණ භාවිතයෙන් වැළකීම හා ඉදිරියේදී ඇතිවිය හැකි අයහපත් කාලගුණික තත්ත්වය පිළබඳව විමසිලිමත් වන ලෙසයි  ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

හදිසි තත්ත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහාය ලබාගැනීමට කටයුතු කරන ලෙසත්, මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් සිදුකරනු ලබන දැනුවත් කිරීම් කෙරෙහි අවධානයෙන් සිටින ලෙසත් එම දෙපාර්තමේන්තුව ඇනුම් දෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here