Home Coronavirus 2020 මහරගම දන්ත රෝහල් සේවිකාවකට කොරෝනා – PCR ප්‍රතිඵල එන්න කලින් සේවයටත්...

මහරගම දන්ත රෝහල් සේවිකාවකට කොරෝනා – PCR ප්‍රතිඵල එන්න කලින් සේවයටත් කැඳවලා

291

මහරගම දන්ත රෝහලේ සේවිකාවකට Covid-19 වයිරසය ආසාදනය වී ඇති බවට පෙරේදා (30) තහවුරු වී ඇතත් රෝහලේ කිසිදු පුද්ගලයකුගේ PCR පරීක්ෂණ මෙතෙක් සිදුකර නැතැයි රජයේ දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය විපුල වික්‍රමසිංහ මහතා පවසයි.

පසුගිය 27 වැනිදා සිදු කළ PCR පරීක්ෂණවල ප්‍රතිඵල අනුව එම සේවිකාවට Covid – 19 ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.

එහෙත් ඇය PCR පරීක්ෂණය සිදු කර ප්‍රතිඵල වාර්තා පැමිණීමට පෙර සේවයට වාර්තා කර ඇති බවද වෛද්‍යවරයා අරුණ පුවත්පතට සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ රෝහලේ හදිසි ප්‍රතිකාර පමණක් සිදු කරන බවත් කොවිඩ් ආසාදිත සේවිකාවගේ ආශ්‍රිතයන්ගේ PCR පරීක්ෂණ අද (02) දිනයේදී සිදුකරන බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here