Home Coronavirus 2020 Covid-19 එන්නතකට අනුමැතිය දුන් පළමු රට බවට බ්‍රිතාන්‍යය පත්වෙයි

Covid-19 එන්නතකට අනුමැතිය දුන් පළමු රට බවට බ්‍රිතාන්‍යය පත්වෙයි

211
0

Covid-19 වෛරසයට එරෙහිව අමෙරිකාව නිපදවන ලද ෆයිසර් / බයෝටෙක් එන්නතට (Pfizer/BioNTech) අනුමැතිය දුන් පළමු රට බවට මහා බ්‍රිතාන්‍ය පත්ව තිබෙනවා.

එය ලබන සතියේ සිට රෝගීන්ට එන්නත් කිරීමට නියමිතයි.

බ්‍රිතාන්‍ය බළධාරීන් සඳහන් කලේ මෙම එන්නත සියයට 95 ක සාර්ථකත්වයක් පෙන්නුම් කිරීම මත එය රෝගීන්ට ප්‍රතිකාර වෙනුවෙන් දීමට අනුමැතිය පිරිනැමූ බවයි.

මේ අනුව ඉහළ ප්‍රමුඛතා ලැයිස්තුවේ සිටින පුද්ගලයන්ට පළමුවෙන් එන්නත ලබා දෙනු ඇති බවට BBC වෙබ් අඩවිය වාර්තා කරනවා.

මහා බ්‍රිතාන්‍යය විසින් දැනටමත් එන්නත් මාත්‍රා මිලියන 40 ක් ඇණවුම් කර තිබෙනවා.

මාත්‍රා 02 බැගින් පුද්ගලයන් කෝටි 02 කට දීම සඳහා එම ප්‍රමාණය ප්‍රමාණවත් වනවා.

වැඩිහිටියන්ට සහ රෝගී අවදානමක් සහිත පුද්ගලයන්ට මෙම එන්නත පළමුව ලබාදෙනු ඇති.

ඇනවුම් කළ ප්‍රමාණයෙන් මාත්‍රා මිලියන 10ක් පමණ ඉතාමත් ඉක්මනින් ලැබෙනු ඇති බව පැවසෙන අතර එයින් මාත්‍රා 800,000ක් ඉදිරි දින කිහිපය තුලම එක්සත් රාජධානියට ලඟා වනු ඇති බවත් පැවසේ.

සංකල්පයක සිට යථාර්ථයක් දක්වා වේගයෙන්ම ගමන් කළ එන්නත වන්නේ මෙයයි. මෙවැනි ක්‍රියාවලියකට සාමාන්‍යයෙන් දශකයක් වැනි කාලයක් ගත වුවද මෙම එන්නත වෙනුවෙන් ගත වූයේ මාස 10ක් වැනි කාලයක් පමණයි.

එන්නත ලබාදීමේ කර්තව්‍යය වෙනුවෙන් දැනටමත් රෝහල් 50ක් පමණ සූදානම් අතර සම්මන්ත්‍රණ මධ්‍යස්ථාන වැනි ස්ථානද එන්නත ලබාදීමේ මධ්‍යස්ථාන බවට පත් කර ඇත.

එන්නත ලබාදුන්නද ජනතාව විසින් සෞඛ්‍යාරක්ෂිත පියවරයන් අනුගමනය කළ යුතු බවත් ප්‍රවේශම් වීම වැදගත් බවත් විශේෂඥයන් විසින් ජනතාවට දැනුම්දී සිටියි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෆයිසර් සමාගම පවසන්නේ මෙය විද්‍යාව විසින් ලද අතිමහත් ජයග්‍රහණයක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here