Home Hit නියමිත කාල සීමාව තුළ සියළු රාජ්‍ය ආයතන වාර්ෂික වාර්තා ඉදිරිපත් කල යුතුයි...

නියමිත කාල සීමාව තුළ සියළු රාජ්‍ය ආයතන වාර්ෂික වාර්තා ඉදිරිපත් කල යුතුයි – COPE කමිටුව

207

නියමිත කාල සීමාව තුළ රාජ්‍ය ආයතන සියල්ල සිය වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුුතු බව කොප් කමිටුවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා විසින් ලිඛිතව සියළු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත දන්වා යවා ඇත.

මේ අනුව තම අමාත්‍යාංශ යටතේ පවතින රාජ්‍ය ආයතන සෑම මුදල් වර්ෂයක් අවසානයේ සිට දින 150ක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි සිය වාර්ෂික වාර්තා සකස් කළ යුතු බව එම ලිපියේ සඳහන් වේ.
පසුගිය නොවැම්බර් 24 වැනිදා රැස්වූ කෝප් කමිටුව රාජ්‍ය ආයතන සැලකිය යුතු ප්‍රමාණයක් නියමිත කාල සීමාව තුළදී වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට එවා නොමැති බවට නිරීක්ෂණය කර තිබේ.

මේ හේතුවෙන් බොහෝ විට ලැබෙන වාර්ෂික වාර්තා වල යල් පැන ගිය තොරතුරු ඇතුළත් වන බවත් ඒ හේතුවෙන් නිසි කාලසීමාවන්හිදී අදාල වාර්තාවල දත්තයන්ට අනුව පියවර ගැනීමට නොහැකි වී ඇති බවත් කෝප් කමිටුව නිරීක්ෂණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here