Home Hit මහර ගැටුමට සම්බන්ධ 125 කට නඩු

මහර ගැටුමට සම්බන්ධ 125 කට නඩු

251

මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වු සිද්ධියට මූලිකත්වය සහ නායකත්වය ගෙන කටයුතු කළ රැඳවියන් 125 දෙනෙකු පමණ හදුනා ගෙන ඇති අතර, ඔවුන්ට එරෙහිව ඉදිරියේදි නඩු පවරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.

බන්ධනාගාර කොමාසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසන්නේ ඊයේ පස්වරුව වනවිට අදාළ සිද්ධිය සම්පුර්ණයෙන්ම පාලනය කිරිමට හැකි වු බවයි.

මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ සිද්ධියෙන් රැඳවියන් 106 දෙනෙකු සහ නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබූ අතර, මියගිය රැඳවියන් සංඛ්‍යාව 11 ක්.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පත් කළ කමිටුවක් හරහා මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරන බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරන්නේ.

මේ අතර, මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීමට අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි විසින් පත්කළ පංච පුද්ගල කමිටුවෙන් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉල්ලා අස්වීමත් සමඟ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලින්ද රණවීර ඒ සඳහා පත්කර තිබෙනවා.

එසේම මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණය කිරිම සඳහා අපාරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරි ආර්.ඒ. ඩී.ඊ.එල් රන්දෙණිය ඇතුළු 12 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පරික්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මකතා පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here