Home Hit ලෝක ඒඩ්ස් දිනය අදයි

ලෝක ඒඩ්ස් දිනය අදයි

114
0

ලෝක ඒඞ්ස් දින සැමරුම් දිනය අදට (01) යෙදී ඇත. ‘තාරුණ්‍යයේ වගකීම ඉටුකරමු ඒඞ්ස් වළකමු’ තේමාව යටතේ මෙවර ලෝක ඒඞ්ස් දිනය සමරනු ලැබීය.

ශ‍්‍රී ලංකාව ද ඒඞ්ස් හෙවත් මානව ප‍්‍රතිශක්තිකරණ ඌනතා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් අඩු අවදානම් සහිත රටකි. (ඒඞ්ස් ව්‍යාප්තිය 0.1 කටත් වඩා අඩු අගයක පවතී.) නමුත් ශ‍්‍රී ලංකාව තුළ වාර්තා වන නව ඒඞ්ස් ආසාදිත රෝගීන්ගේ කැපී පෙනෙන වර්ධනයක් මෑත කාලය තුළ දක්නට ඇත. ශ‍්‍රී ලංකාව තුළ ඒඞ්ස් අඩු අවදානම් තත්ත්වය එසේ පවත්වාගෙන යෑම මූලික අරමුණ වී තිබේ.

2019 වසර තුළ පමණක් නව ඒඞ්ස් ආසාදිතයන් 439 ක් වාර්තා වී ඇත. මෙයින් 359ක් පිරිමි පුද්ගලයන්ය. ශ‍්‍රී ලංකාව තුළ ඒඞ්ස් පැතිරීම ප‍්‍රධානවම සිදු වන්නේ ආසාදිත සහකරුවන් සමග අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පැවැත්වීම මගිනි. එයින්ද පිරිමි – පිරිමි අතර පවත්නා (සමලිංගික) අනාරක්ෂිත ලිංගික හැසිරීම් නිසා ඒඞ්ස් ව්‍යාප්තිය ශ‍්‍රී ලංකාව තුළ සුලබව සිදු වේ.

වයස අවුරුදු 15-24 අතර තරුණයන් අතර ඒඞ්ස් ආසාදනයේ වැඩි වීමක් පෙන්නුම් කරයි. 2019 වසරේ නව ආසාදිතයන්ගෙන් 54 ක් (12% ක්ම) මෙම වයස් කණ්ඩායමේ තරුණ තරුණියන් වූ අතර මොවුන් අතරින් ද 89% ක්ම පිරිමි පුද්ගලයන්ය.

ශ‍්‍රී ලංකාවේ ඒඞ්ස් වසංගත ව්‍යාප්තිය සලකමින්, මෙම වසරේ ඒඞ්ස් දින සැමරුම් තේමාව, ‘තාරුණ්‍යයේ වගකීම ඉටුකරමු – ඒඞ්ස් වළකමු’ යන්නයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here