Home Hit මහර බන්ධනාගාරයේ තත්ත්වය සාමකාමියි – ආරක්ෂක ලේකම්වරයා

මහර බන්ධනාගාරයේ තත්ත්වය සාමකාමියි – ආරක්ෂක ලේකම්වරයා

165
0

පසුගියදා නොසන්සුන්කාරී තත්වයක් ඇතිවූ මහර බන්ධනාගාරයේ තත්ත්වය දැන් සම්පූර්ණයෙන්ම සාමකාමි බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා අද (01) අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කළ විමසීමකට පිළිතුරු දෙමින් කියා සිටින ලදි.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මේ පිළිබඳව විමසා සිටියේ ජාතික ආරක්ෂාව පිළිබඳව අමාත්‍යංශයීය උපදේශක කාරක සභාව රැස් වූ අවස්ථාවේදීය.

මේ වනවිට මහර බන්ධනාගාරයේ සිටින රැඳවියන් 2500ක් අතරින් , කොවිඩ් 19 වෛරසය ආසාදිත රැඳවියන් 189 ක් හඳුනාගෙන ඇති බවත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කර ඇති අතර ඇප ලබා සිටින 100 කට ආසන්න රැදවියන් ද පී.සී.ආර්. පරීක්ෂණ වලට ලක්කර නිවෙස් බලා යැවීමට කටයුතු යොදා තිබෙන බවත් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසන ලදි.

මහර බන්ධනාගාරයේ ඖෂධ ගබඩාවේ ,මානසික ව්‍යාකූලතා සඳහා භාවිත කරන වර්ග තුනක ඖෂධ පෙති 21,000 ක් තිබී ඇති අතර රැඳවියන් තමන් ඇබ්බැහි වී සිටි මත්ද්‍රව්‍ය වෙනුවට එම ඖෂධ පාවිච්චි කිරීමෙන් මෙම නොසන්සුන්කාරී වාතාවරණය උද්ගත වන්නට ඇත්දැයි සොයා බලමින් තිබෙන බව ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් අනාවරණය කළේය.

හෙට (02) දිනය වනවිට මහර බන්ධනාගාරයේ රැඳවියන්ගේ සහ බන්ධනාගාර නියාමකයන්ගේ ආරක්ෂාව ඇතුළු අනෙකුත් සියලු ගැටලු සම්පූර්ණයෙන් නිරාකරණය කරන බවද ආරක්ෂක ලේකම්වරයාවිසින් පාර්ලිමේන්තු මන්ත්‍රි සහන් ප්‍රදීප් මහතා කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් පවසන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here