Home Hit උතුරු මැද මහ ඇළ උමගේ ඉදිකිරීම් චීන සමාගමකට පැවරේ.

උතුරු මැද මහ ඇළ උමගේ ඉදිකිරීම් චීන සමාගමකට පැවරේ.

439
0

උතුරු මැද මහ ඇළ උමගේ ඉදිකිරීම් චීන සමාගමකට ප්‍රදානය කිරීම සඳහාකැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි අදාළ කොන්ත්‍රාත්තුව China State Construction Engineering Corporation Ltd. වෙත ප්‍රදානය කිරීම සඳහා වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කැබිනට් යෝජනාව ඉදිරිපත් කර ඇත.

කිලෝ මීටර 95.86ක් දිගැති උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතියේ කිලෝ මීටර 27.7ක දිග උමං මාර්ග කොටස ඉදිකිරිම China State Construction Engineering Corporation Ltd. වෙත ප්‍රදානය කර ඇත.

මෙම උමං මාර්ගය කොඳුරුවාව සිට නාමල්පුර දක්වා මින්නේරිය, ගිරිතලේ හා හුරුළු සංරක්ෂිත වනාන්තර හා අභය භූමිවලට යටින් ඉදිකිරීමට සැලසුම් කර ඇත.

ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක වන මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩ සටහනේ එක් පැකේජයක් ලෙස මෙම උමං මාර්ගය ඉදිකිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here