Home Hit ඇමැති තාත්තට, ASP පුතාගෙන් සැලියුට් එකක්

ඇමැති තාත්තට, ASP පුතාගෙන් සැලියුට් එකක්

795
0

අමාත්‍ය සරත් වීරසේකර මහතා බත්තරමුල්ලේ සුහුරුපායේදී වැඩ බාර ගනිද්දී ඔහුගේ පුත් සහකාර පොලිස් අධිකාරී වෛද්‍ය සචිත් වීරසේකර මහතා සිය පියාණන්ට ආචාර දැක්වීම විශේෂ සිදුවීමක් විය.

එහි ඇති අනෙක් විශේෂම සිදුවීම වන්නේ එම අවස්ථාවට සහභාගීව සිටි අමාත්‍ය සරත් වීරසේකර මහතා, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සහ සහකාර පොලිස් අධිකාරී වෛද්‍ය සචිත්‍ර වීරසේකර යන තිදෙනාම ආදි ආනන්දියයන් වීමය.

එසේම අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ලෙස වැඩ බාරගනිමින් විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සියලුම පාතාල සාමාජිකයන්ට අවි බාර දෙන ලෙස නිවේදනයද නිකුත් කළේය.

එසේ නොවන්නේ නම් හොදින් හෝ නරකින් එම කටයුතු කිරීමට තමන් සූදානම් බවද අමාත්‍යවරයා කියා සිටියේය.

මීට අමතරව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ කප්පම්කරුවන්ටද එම කටයුතු නවත්වන ලෙසත්, ජනතාව ආරක්ෂා කිරීම සදහා තමන් ඉදිරියේදී කටයුතු කරන බවත් හෙතෙම සදහන් කර සිටියේය.

එසේම පොලිසිය තුළද 10%ක පමණ දූෂිත නිලධාරීන් පිරිසක් සිටින බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here