ලොව හුදෙකලාම හස්තියා ලෙස සැලකෙන පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර සත්වෝද්‍යානයක රඳවා සිටි ශ්‍රී ලංකාවේ කාවන් හස්තියා ගුවන් මගින් ඊයේ කාම්බෝජයට ළඟා වුණා.
තිස්පස් වසරක් විවිධ කායික හා මානසික පීඩාවන්ට ලක්ව සිටි කාවන් මුදා ගැනීමට සුප්‍රකට පොප් ගායිකා සහ හොලිවුඞ් සිනමා නිළි ෂර් ඇතුළු සත්ව අවිහිංසා සංවිධාන එක්වුණා.
රුසියානු ජම්බෝ ජෙට් යානයක රැඳවූ විශේෂිත කුටියකට ඇතුළු කළ කාවන් ඊයේ කාම්බෝජයට ළඟා වූ අවස්ථාවේ හොලිවුඩ් සිනමා නිළි ෂර් ද ගුවන් තොටුපල වෙත පැමිණ සිටියා.
කාම්බෝජ බෞද්ධ භික්ෂූණ් වහන්සේ පිරිත් සජ්ජායනා කොට කාවන්ට ආශීර්වාද කළ අතර, අද දිනයේ කාවන් උතුරුදිග කාම්බෝජයේ – සියම් රීප් හි අක්කර 25,000 ක අභය භූමියකට රැගෙන යනු ඇති.
දිගු ගුවන් ගමනකට පසු කාවන් සුපුරුදු ගුවන් මගියෙකු විලාසයෙන් විශේෂිත බහාළුම තුළින් ඉවතට පැමිණි බවයි කාම්බෝජ ගුවන් තොටුපල වෙත මෙම අවස්ථාව වාර්තා කිරීමට පැමිණි විදේශීය මාධ්‍යවේදියෙකු සඳහන් කළේ.


