Home Hit ආරක්ෂක වළල්ල තර කරන්න පොලිසියේ 400ක්, STF 200ක් මහර බන්ධානාගාරයට

ආරක්ෂක වළල්ල තර කරන්න පොලිසියේ 400ක්, STF 200ක් මහර බන්ධානාගාරයට

342

මහර බන්ධනාගාරයේ ආරක්‍ෂාව සඳහා තවදුරටත් පොලිස් නිලධාරීන් 400ක් සහ පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් 200ක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

රැඳවියන් 3000ක් පමණ රඳවා සිටින මෙම බන්ධනාගාරයෙහි ඇතිවූ කැරැල්ලෙන් පසුව එහි සිටින අරක්‍ෂක වළල්ල සඳහා පොලිස් සහ පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළුන් මෙලෙස යොදවා ඇති බව Citizen වෙබ් අඩවිය වාර්තා කරයි.

එම රැඳවියන්ගේ පවුලේ සාමාජිකයන්ද කැරැල්ල වාර්තා වූ මොහොතේ සිට ඊයේ(30) පස්වරුව දක්වාද මහර බන්ධනාගාරය අසල රැඳී සිටිමින් විරෝධතාවයේ නියැලෙනවා.

ඒ, බන්ධනාගාරයේ රඳවා සිටින සිය පවුලේ සාමාජිකයාගේ ආරක්‍ෂාව තර කරන ලෙස ඉල්ලමින්.

මේ තත්ත්වයන් පාලනය කිරීම සඳහා මෙලෙස බන්ධනාගාරයෙන් පිටත ආරක්‍ෂක වළල්ල තර කර තිබෙන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here