Home Hit බහුජාතික සමාගමක් අපිට වස කවන හැටි විමල් හෙළිකරයි (VIDEO)

බහුජාතික සමාගමක් අපිට වස කවන හැටි විමල් හෙළිකරයි (VIDEO)

495

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් බෝ නොවන රෝග සහ ජනතාවගේ ආහාර පුරුදු මෙන්ම ජීවන රටාව අතර ඇති සබඳතාව පිළිබඳව දීර්ඝ දේශනයක් පවත්වනු ලැබුවා.

ඒ අද (30) දින පාර්ලිමේන්තුව අමතමින්.

එම පැතිකඩයන් දෙකම වෙළඳපොළ බලවේග විසින් පාලනය කරන බවටයි ඒ මහතා චෝදනා කර සිටියේ.

කෘතිම ලෙස නිෂ්පාදිත ආහාර මෙන්ම විෂ රසායනික ද්‍රව්‍ය යෙදූ ආහාර හේතුවෙන් ජනතාවගේ සෞඛ්‍යට දැඩි අන්තරාකාරී තත්වයක් ඇතිවී ඇති බව පෙන්වා දුන් එම මහතා වැඩිදුරටත් පවසා සිටියේ එම සමාගම් විසින් මෙරට ජීවන රටාව සහ ආහාර රටාව හැඩගස්වමින් සිටින බවයි.

එමෙන්ම සබන් ලෙස හඳුන්වා දෙන ඇතැම් නිෂ්පාදනයන් පිළිබඳවද එහිදී එම මහතා හෙළි කර සිටි අතර අදාල සමාගම් විසින් සිය බලය යොදාගනිමින් සිදු කරමින් පවතින දෑ පිළිබඳවද හෙළි කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here