Home Hit මහර බන්ධනාගාරයේ ගැටුමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 71 දක්වා ඉහළට

මහර බන්ධනාගාරයේ ගැටුමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 71 දක්වා ඉහළට

449

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව අද (30) මේ වනවිට 71 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔවුන් මේ වනවිට රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසන්නේ.

ඊයේ පස්වරුවේ ඇති වූ මෙම සිද්ධියෙන් බන්ධනාගාර රැඳවියන් 06 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here