Home Hit “අපේ දරුවෝ පණ පිටින් ඉන්නවද? අපේ දරුවො කෝ?” (VIDEO)

“අපේ දරුවෝ පණ පිටින් ඉන්නවද? අපේ දරුවො කෝ?” (VIDEO)

584

මහර බන්ධනාගාරයේ ඊයේ රාත්‍රියේ ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් මියගිය රැඳවියන් සංඛ්‍යාව 8 දක්වා ඉහළ ගොස් තිබෙන අතර තුවාල ලැබූ පිරිස 71ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මහර බන්ධනාගාරය තුළ රැඳවියන් 3000 කට වැඩි පිරිසක් සිටින අතර එහි රැඳවියන් පිරිසක් අද දහවල් බන්ධනාගාර බස් රථවලින් වෙනත් ස්ථානයට රැගෙන ගොස් ඇත.

බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් 400 ක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් 200 ක් පමණ යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරනු ලැබුවා.

මේ අතර අද උදෑසන එම ස්ථානයට පැමිණි රැඳවියන්ගේ පවුලේ සාමාජිකයන්ගේ දුක් ගැනවිල්ලයි මේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here