Home Hit මානව හිමිකම් කොමිසම මහරට – ඥාතීන් හඬා වැටෙයි

මානව හිමිකම් කොමිසම මහරට – ඥාතීන් හඬා වැටෙයි

601
0

බස් රථ දෙකක පිරවු මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ඉන්පිටතට ගෙනයෑමට උත්සහ කරන අවස්ථාවේදී එම රැඳවියන්ගේ ඥාතීන් මාර්ගය අවහිර කරමින් තම පවුලේ සාමාජිකයන්ව රැගෙන යන්නේ කොහේදැයි විමසා ඇත.

ශ්‍රී ලංකා යුද හමුදාව යැයි සදහන් කළ බස් රථ දෙකක අදාල රැඳවියන්ව අසුන්ගන්වා මහර බන්ධාගාරයෙන් පිටතට ගෙන යෑමට තැත් කරද්දී මේ ආකාරයෙන් එම බස් රථ අවහිර කර ඇත.

එමෙන්ම, මහර බන්ධනාගාරයේ නොවැම්බර් 29 වන දින රාත්‍රියේ සිදු වු නොසන්සුන්තාව නීරීක්ෂණය කිරීමට මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් එම බන්ධනාගාරය වෙත ගොස් ඇත.

බන්ධනාගාරය තුළ සිදු කළ නිරීක්ෂණයෙන් අනතුරුව මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් එම බන්ධගාරයෙන් පිටත් වන අවස්ථාවේදී බන්ධනාගාර රැඳවියන්ගේ ඥාතීන් එම වාහනය නවත්වා හඩා වැටුණු බවත් තමන්ගේ ඥාතීන්ට සිදුව ඇත්තේ කුමක්දැයි පවසන ලෙස මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් ඉදිරියේ හඬා වැටි ඇති බව වාර්තා වේ.

එම අවස්ථාවේ කොමිසන් සභාවේ නිලධාරීන් රැඳවියන්ගේ ඥාතීන් වෙත පවසා ඇත්තේ බරපතල තුවාල ලැබූ රැඳවියන් සියළු දෙනාවම රාගම රෝහල වෙත ප්‍රතිකාර සදහා බන්ධාතාරයෙන් යවා ඇති බවත් මේ වන විට බන්ධනාගාරය තුළ සිටින බරපතල නොවන තුවාල ලැබූ රැඳවියන්වද ප්‍රතිකාර සදහා රෝහල් කරා යවන ලෙස නිර්දේශ කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here