Home Coronavirus 2020 ඊයේ දිනයේ Covid-19 ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ – 167ක් කොළඹ දිස්ත්‍රික්කයෙන්

ඊයේ දිනයේ Covid-19 ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ – 167ක් කොළඹ දිස්ත්‍රික්කයෙන්

413

ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ Covid-19 ආසාදිතයින් 496 දෙනා අතුරින් 167 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

ඉන් 78 දෙනෙකු කොළඹ මහ නගර සභාවෙන් වන අතර 44 දෙනෙකු අලුත්කඩේ ප්‍රදේශයෙන් වනවා.

ඊයේ දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 56 දෙනෙකු වාර්තා වී ඇති අතර පුත්තලම දිස්ත්‍රික්කයෙන් සටහන්වී ඇති Covid-19 ආසාදිතයින් ගණන 53 ක්.

කුරුණෑගලින් 09 දෙනෙකු, කලුතර හා රත්නපුර දිස්ත්‍රික්වලින් 08 දෙනා බැගින් මෙන්ම මහනුවර දිස්ත්‍රික්කයෙන් Covid-19 ආසාදිතයින් 06 දෙනෙකුද වනවා.

කෑගල්ල හා අම්පාරෙන් ඊයේ වාර්තා වී ඇත්තේ ආසාදිතයින් 05 දෙනා බැගිනුයි.

Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලේ නුවරඑළිය හා මන්නාරමෙන් ඊයේ ආසාධිතයන් 04 දෙනා බැගින් වාර්තා වී ඇති බවයි.

බදුල්ල හා ගාල්ලෙන් 03 දෙනා බැගින්ද, අනුරාධපුර හා පොළොන්නරුවෙන් 02 දෙනා බැගින්ද, මාතලේ හා හම්බන්තොට දිස්ත්‍රික්වලින් එක් ආසාදිතයා බැගින්ද සටහන්වී තිබෙනවා.

විවිධ ප්‍රදේශවලින් ඊයේ දිනයේදී තවත් ආසාදිතයින් 159 දෙනෙකුද සටහන්වී ඇති බවයි Covid-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියාසිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here