මෙරටින් තවත් කොරෝනා මරණ දෙකක් ඊයේ (28) වාර්තා වූ බව රජයේ ප්රවෘත්ති දෙපර්තමේන්තුව නිවේදනය කර සිටියා.
ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 109ක් දක්වා ඉහළ ගියා.
කොවිඩ් ආසාදනය වීමෙන් ඊයේ දිනයේ මියගොස් ඇත්තේ කොළඹ 08 පදිංචිව සිටි 96 හැවිරිදි කාන්තාවක් සහ කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිව සිටි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.
