Home Hit හිරුණිකාට එරෙහි නඩුව යළි කැඳවීම පෙබරවාරි මාසයේ

හිරුණිකාට එරෙහි නඩුව යළි කැඳවීම පෙබරවාරි මාසයේ

150
0

තරුණයකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදීම, ඒ සඳහා ආධාර අනුබදීම හා සාපරාධි බිය ගැන්වීම ඇතුළු අධිචෝදනා යටතේ කොළඹ දිස්ත‍්‍රික් එක්සත් ජාතික පක්‍ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව ලබන පෙබරවාරි මස 22 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය නියෝග කරන ලදි.

එම නඩුව පසුගිය 18 වැනිදා කැඳවීමට දින නියම කර තිබූ නමුත් පැවැති කොරෝනා වසංගත තත්ත්වය නිසා එදින නඩු කැඳවීමක් සිදු නොකිරිණි.

2015.12.21 වැනිදා එවකට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියක ලෙස කටයුතු කළ හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියට අයත් අංක 62-1859 දරන ඩිෆෙන්ඩර් රථයෙන් පැමිණි ඇගේ පෞද්ගලික ආරක්‍ෂකයින් පිරිසක් දෙමටගොඩ වෙළෙඳසැලක සේවය කරමින් සිටි අමිල ප‍්‍රියංග අමරසිංහ නමැති තරුණයා පැහැරගෙන ඇයගේ නිවසට ගෙන ගොස් අමානුෂික ලෙස පහරදී ඇති බවට මෙම චෝදනාව එල්ල කර ඇත.

ඒ සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූ කොළඹ අපරාධ කොට්ඨාසය ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවක් සලකා බැලූ නීතිපතිවරයා හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රන මහත්මිය ඇතුළු නවදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත.

සෙසු විත්තිකරුවන් අටදෙනා මුල් අවස්ථාවේදීම අදාළ චෝදනාවලට වරද පිළිගැනීම නිසා ඔවුනට දඬුවම් නියම කිරීමට මහාධිකරණය විසින් පියවර ගෙන තිබුණි. වරද පිළිනොගත් හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මියට එරෙහිව නඩු විභාගය පැවැත්වීමට ද අධිකරණය තීරණය කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here