Home Hit විල්පත්තුවේ එලිපෙහෙලි කළ භූමිය ගණනය කිරීම ඇරඹෙයි

විල්පත්තුවේ එලිපෙහෙලි කළ භූමිය ගණනය කිරීම ඇරඹෙයි

223

විල්පත්තු රක්ෂිතය අවට පිහිටි එලිපෙහෙලි කළ කල්ආරු රක්ෂිතය ඇතුළු ප‍්‍රදේශ සම්බන්ධයෙන් මේ වන විට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිය මැනුම් කටයුතු ආරම්භ කර ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රය පවසනවා.

මාස දෙකක් තුළ එම කටයුතු අවසන් කරනු ඇති බවටයි පරිසර යුක්ති කේන්ද්‍රය විශ්වාසය පල කරන්නේ.

විල්පත්තු රක්ෂිතය අවට පිහිටි කල්ආරු රක්ෂිතය ඇතුළු ප‍්‍රදේශ එළිපෙහෙළි කර නැවත පදිංචි කිරීම් ඇතුළු කටයුතු නීති විරෝධි බවට අභියාචනාධිකරණය විසින් ලබා දුන් තීන්දුව ආරක්ෂා කිරීමට කටයුතු කරන බව ද ඔවුන් පවසනවා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඩ් බදියුර්දීන්ට ඉකුත්දා අභියාචනාධිකරණය නියෝග කළේ සිය පෞද්ගලික වියදමින් එම ප‍්‍රදේශ වල නැවත වන වගාවන් සිදු කරන ලෙසයි. තමන්ට ලබා දුන් තීන්දුවට එරෙහිව නැවත අභියාචනයක් ඉදිරිපත් කරන බවට ඉකුත්දා පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුර්දීන් සඳහන් කළා. ඊට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රයද පෙනී සිටින බවයි එහි විධායක අධ්‍යක්‍ෂ හේමන්ත විතානගේ මහතා පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here