Home Hit ප්‍රසිද්ධ දේශපාලඥයාගේ ස්කාගාරය නැවත ඇරඹීමට බදු ගෙවීමේ සහන ක්‍රමයක්

ප්‍රසිද්ධ දේශපාලඥයාගේ ස්කාගාරය නැවත ඇරඹීමට බදු ගෙවීමේ සහන ක්‍රමයක්

873

සුප්‍රසිද්ධ අමාත්‍යවරයකුට බහුතර කොටස් හිමි කුරුණෑගල පිහිටි වයඹ ඩිස්ටිලරීස් (පුද්ගලික) සමාගමේ කටයුතු ක්‍රියාත්මක කිරීමේ බලපත්‍රය නැවත නිකුත් කර ඇති බව සන්ඩේ මෝනිං වාර්තා කරයි

ඒ, සුරාබදු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු බදු වාරික පදනම මත පියවීමට එකඟ වීමෙන් පසුව බවයි වාර්තා වන්නේ.

නිසි බලපත්‍රයක් නොමැතිව ගබඩා පහසුකම් පවත්වාගෙන යාම හේතුවෙන් සහ බදු ගෙවීම් මඟ හැරීම හේතුවෙන් වයඹ ස්කාගාර 2015 ජනවාරි 19 වන දින පොලීසිය විසින් මුද්‍රා තබන ලදී. එමෙන්ම, මත්පැන් නිෂ්පාදනය සඳහා වූ එහි බලපත්‍රය ද පසුව අවලංගු කරන ලදී.

සුරාබදු කොමසාරිස් ජෙනරාල් ඒ. බොඩාරගම මහතා සම්බන්ධ කර ගත් විට සමාගමේ අයිතිකරුවන්ගේ නම හෙළි කිරීම ප්‍රතික්ෂේප කළ නමුත් ස්කාගාරයට අධ්‍යක්ෂ මණ්ඩලයක් සිටින බව අපට පැවසීය.

කෙසේ වෙතත්, සමාගමට වෙබ් අඩවියක් නොමැති අතර එම නිසා මණ්ඩලයේ සාමාජිකයින්ගේ තොරතුරු ලබාගත නොහැකි අතර සුරාබදු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේද එම තොරතුරු සඳහන් නොවේ.

ඒ. බොඩාරගම මහතා ප්‍රකාශ කළේ ස්කාගාරය විසින් මෑතකදී ගෙවිය යුතු හිඟ මුදල් වලින් කොටසක් ගෙවා ඇති අතර ඉතිරි බදුමුදල් සමාන වාරික ලෙස ගෙවීම් සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව, භාණ්ඩාගාරය සහ අදාල සමාගම විසින් සැලැස්මක් සකස් කර ඇති බැවින් නිෂ්පාදනය කිරීම සඳහා ඔවුන්ට බලපත්‍රය ලබා දී ඇති බවත්ය. කෙසේ වෙතත්, බොඩරගම මහතා ස්කාගාරය විසින් ගෙවන ලද මුදල හෙළිදරව් කිරීම ප්‍රතික්ෂේප කරන ලදි.

“වයඹ ස්කාගාරයේ මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට අපි නීත්‍යානුකූලව අවසර දී තිබෙනවා. මෙම වාරික ව්‍යුහය සැලසුම් කර අනුමත කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් විසින්.” යැයි වැඩිදුරටත් ඔහු පවසන ලදි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here