Home Hit නගරයක් මැද ගිනිගත් සුඛෝපභෝගී ජීප් රථය (VIDEO)

නගරයක් මැද ගිනිගත් සුඛෝපභෝගී ජීප් රථය (VIDEO)

421

හයිලෙවල් මාර්ගයේ කොස්ගම නගර මධ්‍යයේදී අද (29) දහවල් සුඛෝපභෝගී ජීප් රථයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

කොට්ටාව ප්‍රදේශයේ සිට කතරගම බලා යමින් සිටි පිරිසක් රැගත් ජීප් රථයකුයි මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇත්තේ. ගින්න හේතුවෙන් අවිස්සාවේල්ල – කොළඹ මාර්ගයේ වාහන ධාවනයටද බාධා එල්ල වූ බවයි වාර්තා වන්නේ.

පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ජීප් රථයේ හටගත් ගින්න නිවා දැමීමට කටයුතු කළද ඒ වනවිටත් රථය මුළුමනින්ම ගිනිගෙන විනාශ වී තිබුණා.

ගින්නට හේතුව කාර්මික දෝෂයක් බවටයි සැක පළකරන්නේ.

රථය ගිනි ගැනීමට ලක්වන අවස්ථාවේ එම ස්ථානයේ දෙපිරිසක් අතර ගැටුමක්ද හටගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here