Home Hit ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශකවරයා ජනපති හමුවෙයි

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශකවරයා ජනපති හමුවෙයි

91
0

පෙරේදා (27) මෙරටට පැමිණි ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ඊයේ (28) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසුණා.

ජනාධිපති කාර්යාලයේ දී මෙම හමුව සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ.

ඉන්දු – ලංකා ආරක්ෂක සහයෝගීතාව, ඉන්දීය සාගර කලාපයේ සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම, ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය වැනි කරනා මෙම හමුවේදී සාකච්ඡාවට භාජනය වී තිබෙනවා.

ඉන්දියාවේ සහභාගිත්වය ඇතිව ආරම්භ කර ඇති යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් නිම කළයුතු බවට දෙපාර්ශ්වයම මෙහිදී එකඟ වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් නිවේදනය කරන්නේ.

මෙරට ආර්ථික සංවර්ධනයට ඉවහල් වන නව ක්ෂේත්‍ර හඳුනාගෙන ඒවායේ ආයෝජනය කිරීමට ඉන්දියාවේ ඇති කැමැත්ත ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශකවරයා ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙනවා.

මේ වන විටත් සතුටුදායක මට්ටමක පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා සහ ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා එහිදී අවධාරණය කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here