ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල වෙනස් වුවද මෙරට තුළ ස්ථාවර ඉන්ධන මිලක් පවත්වාගෙන යන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාර යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කරන ලදි.
විචලනය වන ඉන්ධන මිල පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන බහුතරයක් ජනතාවට තදින් දැනෙන සුළු බැවින් ස්ථාවර මිලක් පවත්වා ගෙන යාමට පවතින රජය තීරණය කර ඇති බවත්, ඒ අනුව ස්ථායිකරණ අරමුදලක් බිහි කිරීම පිළිබද වැඩිදුර අධ්‍යයන සිදු කෙරෙමින් පවතින බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කරන ලදි