Home Hit පන්දම් දල්වා ගෙන ධීවරයන් විරෝධතාවයක

පන්දම් දල්වා ගෙන ධීවරයන් විරෝධතාවයක

356

අය වැයෙන් සහන නොදීම ඇතුලු ගැටලු රැසක් මුල්කර ගනිමින් ඊයේ (28) රාත්‍රියේදී ධීවරයින් පිරිසක් පන්දම් දල්වාගෙන කොස්ගොඩ ගල්බොක්ක වෙරළ තීරයේ විරෝධතා ව්‍යාපාරයක නිරතවූහ.

සිය ගැටලු පිළිබඳව දිවා කාලයේ අදාළ බලධාරීන් දැනුවත් කළත් එයට නිසි විසඳුම් නොලැබීම නිසා තමන් මෙසේ විසඳුම් ඉල්ලා රාත්‍රියේ විරෝධතාවේ යෙදෙන බවද මේ අවස්ථාවට සහභාගි වූ ධීවරයෝ පවසන ලදි.

කොරෝනාවෙන් වැටී සිටින තමන් සඳහා මෙවර අයවැයෙන් කිසිදු සහනයක් ලැබී නැති බවද ඔවුන් පවසයි.

එමෙන්ම අදාළ බලධාරින්ගේ නොසැලකිල්ල නිසා සිය කර්මාන්තය දිනෙන් දිනම විනාශ වෙමින් පවතින බවද ධීවරයෝ පවසයි.

දිවා කාලයේදී සිය ඉල්ලීම්වලට කන් නොදුන් බලධාරීන් රාත්‍රී කාලයේදීවත් ඊට කන් දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඔවුන් කියා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here